ඔබත් කොන්දේ කැක්කුමෙන් පීඩා විදින්නෙක්ද ? Low back pain

කොන්දේ කැක්කුම යනු බොහෝ විට අප සියලු දෙනාම ජිවිතයේ යම් කිසි දවසක විදීමට සිදු වන වේදනාවකි .මන්ද වයස අවුරුදු 18 වැඩි සෑම 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කොන්දේ කකුමෙන් වේදනා විදි

කොන්දේ කැක්කුම් ආකාර දෙකකි 
 
1. කෙටි කාලින කොන්දේ කැක්කුම
2. දිගු කාලින කොන්දේ කැක්කුම


කෙටි කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ?
මෙය මසකට  වඩා   අඩු කාලයක් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . මෙම තත්වය බොහෝ විට දවස් කිහිපයකින් අඩුවී යාමට පුළුවන . 

දිගු කාලින කොන්දේ කැක්කුම යනු කුමක්ද ? 
මස 3 නකට  වඩා   කල් පවතින කොන්දේ කැක්කුම මෙලෙස හදුන්වයි . 
මෙම ලිපියෙන් ඉදිරියට පැහැදිලි කරනුයේ දිගු කාලින කොන්දේ කැක්කුම පිළිබදවය

දිගු කාලින කොන්දේ කකුමට හේතු මොනවාද ?
  • දිගු කාලයක් අධික බර එසවීම 
  • අධික ලෙස ව්‍යායාම කිරීම 
  • අතීතයේදී කොදු ඇට පෙලට හානි වී තිබීම 
  • අතීතයේදී කොදු ඇට පෙළ සම්බද්දයෙන් ශල්‍ය කාර්ම කර තිබීම 
  • අන්තර් කශේරුක මඩල් ලිස්සා යාම නිසා ස්නායු තද වීම 
  • කොන්ද ඉදිරියට , පියුපසට හෝ පැත්තට වක් වීම 
  • අතරිටිස් ( රුමැටෝයිඩ් , සෝරැටික් ) 
  • ශරීරයට නුහුරු ක්‍රියාවක් නිසා ඇතිවන කොන්දේ කැක්කුම (උද : නිවැරදි ආකාරයෙන් අසුන් නොගැනීම ) 
දිගු කාලින කොන්දේ කැක්කුමට වැඩි පුරම භාජනය වන්නේ කවුරුන්ද ?
  • ඔබ අවුරුදු 30 ට වැඩ වැඩි නම් 
  • ඔබ අධික ලෙස බර නම් 
  • ඔබ ගැබ් බර නම් 
  • ඔබ නිවදිව ව්‍යායාම නොකරන්නේ නම් 
  • ඔබ මානසික අත්තියෙන් පෙළෙන්නේ නම් 
  • ඔබ අධික ලෙස බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්න්නේ නම් 
  • ඔබ දුම් බිමට අබ්භාහි වී සිටින්නේ නම් 
රෝග ලක්ෂණ  මොනවාද ?  
මෙම කොන්දේ කැක්කුම දැනෙන්න ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ
එය
  • සුළු කකුමක් ලෙස 
  • ඉතා තද කකුමක් ලෙස 
  • කොන්ද දැවිල්ලක් ලෙස 
  • කකුල් හිරි වැටීමක් / පන නැති කමක් ලෙස 
  • යන ආකාරවලින් විවිද පුද්ගලයන්න්ට දැනේ 

පහත රෝග ලක්ෂණ පවතී නම් දරුණු රෝගී තත්වයක් පෙන්නුම් කරයි ඒ බැවින් වෛද්‍යවරයකු හුමුවිම අනිවාර්යයෙන්ම කල යුතුය
  • මෑත කාලිනව තද බල ලෙස කොදු ඇට පෙලට අනතුරක් සිදුවූ යේ නම් 
  • තද බල නොව්නත් ඔබගේ වයස අවුරුදු 50 ට වඩා වැඩි නම් 
  • මෑත කාලිනව සීග්‍රයෙන් බර අඩු වන්නේ නම් 
  • ඔබට උන පවතින්නේ නම් 
  • මිට කලින් ඔබට කිසියම් පිලිකා තත්වයක් තිබුනේ නම් 
  • දෙපා හිරි වටේ නම් 
  • දෙපා පන නැති වේ නම් 
  • අහර අරුචිය ඇත්නම් 
  • මුත්‍ර අඩස්සිය ඇත්නම් 
  • මුත්‍ර නොදැනීම පිට වේ නම් 
  • අහාර අරුචිය ඇත්නම් 
රෝගය හදුනා සදහා කරන වෛද්‍ය පරීක්ෂන මොනවාද ?
  • සම්පුර්ණ රුධිර වාර්තාව ( full blood count / FBC ) 
  • ඉ .එස් .ආර් වාර්තාව (ESR Report ) 
  • කොදු ඇටපෙලේ එක්ස් කිරණ වාර්තාව( X – Ray of lumbar area ) 
  • කොදු ඇටපෙලේ සි .ටි වාර්තාව (C.T Scan) 
  • එම. ආර් . අයි වාර්තාව( M.R.I Scan) 
මෙම සියලුම පරීක්ෂණ කිරීමට අවශ්‍ය නොවන අතර ගැලපෙන පරීක්ෂණය වෛද්‍යවරයා විසින් තෝරා ගනු ලැබේ .
ප්‍රතිකාර ක්‍රම මොනවාද ?  
ගෙදරදී කල හැකි ප්‍රතිකාර 
  •  අයිස් වලින් තැවීම 
  • උණු දෙයකින් ( උණු වතුර ) තැවීම 
  • වේදනාව එන ස්ථානය ස්ම්භාහන්ය කිරීම 

ඖෂධිය ප්‍රතිකාර 
 මුඛ මාර්ගයෙන් ගන්න ඖෂධ 
  • පැරසිටමෝල් 1 g දවසට 3 න් වරක් 
  • ඉබුයෝප්රෝෆෙන් 400mg ම දවසට තුන් වරක් 
  • ඩයික්ලෝෆෙනක් සෝඩියම් 50mg දවසට 3 න් වරක් 
ආලේපන 
  •   ඩයික්ලෝෆෙනක් සෝඩියම් අලෙපන්ය ,මෙය කැක්කුම ඇති ස්ථානය අලේප කරනු ලැබේ 
වෙනත් ප්‍රතිකාර ක්‍රම
  • චීන කටු චිකිත්සාව 

                 

2 comments:

  1. ඔබ කෙටි කාලින කොන්දේ කැක්කුම ගැන කතා කරේ නැහැනේ.

    Reply
  2. මම නං හිතන්නෙ යෝගා ව්‍යායාම මේ හැම රෝගයන්ම නිට්ටාවටම හොද කරන්න පුලුවන්..... ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද??

    Reply